2026 සදහා ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනාවලිය ඉවත් කර නව අයවැයක් ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එළඹෙන (05) වැනිදා අයවැය තෙවනවර කියවීම සම්මත කර ගැනීමට නියමිතව තිබේ.
එහෙත් විපක්ෂ නායකයා පවසන්නේ ඉදිරිපත් කර තිබෙන අයවැය රට මුහුණ දී තිබෙන වත්මන් තත්ත්වයට කිසිසේත්ම නොගැලපෙන බවයි.
ඒ අනුව ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනා ඉවත් කොට, නැවත අළුතින් අයවැයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියි.
එමෙන්ම පවතින ආපදා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම පිළිබදවද යළි සලකා බැලිය යුතු බව ඔහු පවසයි.





