සමාජ මාධ්‍ය මඟින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පොලීසියට උපදෙස් ලබා දී තිබේ.
පොලිස් නිලධාරීන් සමඟ පැවති රැස්වීමකදී ඔහු මෙම උපදෙස් ලබා දී ඇත.
සමාජ මාධ්‍ය හරහා ජනාධිපතිවරයාට මෙන්ම තෝරාගත් දේශපාලන අධිකාරියේ කිහිප දෙනෙකුට පදනම් විරහිත මඩ ප්‍රහාර එල්ලකරමින් තිබෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
”එතකොට මේක තව වර්ධනය වෙන්න පුළුවන්. මේක දැන් විදෙස්ගතව ඉන්න පුද්ගලයෝ සමාජ මාධ්‍යවල මේක විශේෂයෙන් කරන්නේ. මේක සාමාන්‍යකරණ වෙන්න පුළුවන් තව දවසක් දෙකක් යනකොට රටේ මහජන ආරක්ෂක පනතේ පස්වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග, හදිසි අවස්ථා රෙගුලාසි එතකොට මේ හදිසි අවස්ථා රෙගුලාසිවල පැහැදිලිවම මේ තත්ත්වය ආවරණය කරලා තියෙනවා. හෞතිකව, online මගින්, AI තාක්ෂණය මගින් ඒ ආකාරයේ කිසිදු දෙයකින් මේ ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් අසත්‍ය අදහස්, විකෘති කිරීම්, මේ තත්ත්වය අඩාල කිරීමේ අර්ථයෙන් කිසිදු කෙනෙකුට එහෙම ප්‍රචාර කටයුත්තක් කරන්න බැහැ. එහෙම කරන කෙනෙකුට අවුරුදු 05කට වැඩි සිරඬුවමක් දෙන්න හැකියාව තියෙනවා. ඊට අමතර වැරදිවලට අවුරුදු 10ක් දක්වා සිරඬුවම් දෙන තැනකට ගෙන්න පුළුවන්.”
මේ වන විට සමාජ මාධ්‍ය තුළ ජනාධිපතිවරයාට එල්ල කර තිබෙන මඩ ප්‍රහාර දෙස බලන විට එය මිනිසෙකුට දරාගත නොහැකි මට්ටමට පැමිණ ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව සමාජ මාධ්‍ය තුළ විකෘති මානසිකත්වයකින් කටයුත් කරමින් තිබෙන බවයි ඔහු පවසන්නේ.
”අපි ආණ්ඩුවක් ලෙස ඉහළම, හොඳම ආදර්ශය සපයලා තියෙනවා රටේ මහජන ආරක්ෂාව වෙනුවෙන්. එහෙම තියෙන වටපිටාවක් ඇතුළේ තමයි මේ මහජන මතය විකෘති කිරීමේ අරමුණෙන් මේක කරන්නේ. ඒ නිසා අපි කියනවා රටේ නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව කටයුතු කිරීමට සියලුම පුරවැසියන් බැඳිලා ඉන්නවා. එසේ නොකරන පුරවැසියන් සම්බන්ධයෙන් අපට ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා” යනුවෙන් ඔහු තවදුරටත් අවධාරණය කරයි.





