පරිභෝජනයට නුසුදුසු නරක් වූ මස් වෙළද පොළට පැමිණීම වැළැක්වීම සදහා මන්නාරම් දිස්ත්‍රික්කය තුළ දෙසැම්බර් තුන්වන දා සිට සතියක් යන තුරු මස් පිණිස සත්ව ඝාතනය මස් මාංශ වෙළදාම සහ එක් රැස් කර තබා ගැනීම තහනම් කර තිබේ.
මෙම නියෝගය නොතකා හරිමින් යම් කිසි පාර්ශ්වයක් කටයුතු කරන්නේ නම් ඒ අය පිළිබදව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුම්වත් කරන ලෙස මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.





