/ Dec 06, 2025

ආපදාවෙන් මිදීමට IMF සහය!

රට පුරා ජීවිත බිලිගෙන, දහස් ගණනක් අවතැන් කළ විනාශකාරී සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වයෙන් මෙරට ආර්ථිකයට වූ හානිය අවම කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සූදානම් බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසයි.

ව්‍යසනයේ මානුෂීය, සමාජීය සහ ආර්ථික බලපෑම ඇගයීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ අනෙකුත් සගයන් සමග සමීපව කටයුතු කරන බවයි ඇය සඳහන් කරන්නේ.

විනාශකාරී සුළි කුණාටුවේ බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට කණගාටුව පළ කරන අතර තවදුරටත් විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධනය, ප්‍රතිසංස්කරණය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන බව ඇය පවසයි.

ඒ අනුව IMF කාර්ය මණ්ඩලය මේ වනවිට ප්‍රතිසාධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීම සඳහා විකල්ප සොයා බලමින් සිටින බවද ඇය කියා සිටියි.

සුළි කුණාටුවට පෙර පසුගිය ඔක්තෝබර් මාසයේ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ IMF කාර්ය මණ්ඩලය දැනටමත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.

මෙම තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමේ හයවන වාරිකය සති දෙකක කාලයක් තුළ ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි. එය ආසන්න වශයෙන් ඩොලර් මිලියන 350 ක පමණ මුදලකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top