ආපදාවෙන් පීඩාවත් පත් මව්බිම යළි ගොඩ නැගීම සදහා පිහිටුවා තිබෙන අරමුදලට, ඊයේ (04) දිනය වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් රුපියල් මිලියන 700 කට වඩා වැඩි මුදලක් එවා ඇති බව වාර්තා වේ.
රටවල් තිස් තුනක ශ්‍රී ලාංකිකයන් විසින් මෙම මුදල් එවා ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසා තිබුණේ
ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ක්‍රියාත්මක විදෙස් මුදලින් තැන්පත් කළ හැකි ගිණුම් හරහා මෙම අරමුදලට රුපියල් මිලියන 61කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති තිබේ.






