/ Dec 30, 2025

මං කියන දේ අහන්න. අනේ ප්ලීස් නම් කියන්න එපා!

මේ ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත සහ ව්‍යාපාර නැවත සවිබල ගන්වන තුරු 2028 ණය ගෙවීම කල් දමා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට පවසයි.

පවතින IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙස කියු කතාව ජනාධිපතිවරයාට විහිලුවක් වූවාට එය සැබෑ යථාර්ථය බවත් ජනාධිපතිවරයා, ‘අනේ Please’ යැයි නොකියා මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ IMF එක සහ ලෝකයේ රටවල් සහ මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර ණය ගෙවීමට සහන ලබා ගැනීම බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

මේ තත්ත්වය තුළ 2028 විදේශ ණය ගෙවීම යථාර්ථවාදී නොවන බව IMF වෙත පෙන්විය යුතු බව ඔහු කියා සිටියි.

මේවා තමා කියන්නේ කුණාටුවට පෙර සිට බවත් රජය අනේ Please කියමින් මේ කරන්නේ මිනිස් ජීවිත සමඟ විහිළු කිරීම බවත් මිනිස් ජිවිත සමඟ දැන්වත් විහිලු නොකර සැබැ යථාර්ථය හඳුනා ගෙන මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර සහන ලබා ගත යුතු බවත් ඔහු තවදුරටත් පවසයි.

ජනාධිපතිවරයා ජන ජීවිත විහිලුවට ගෙන අනේ Please කිව්වට තමා ලෝකයේ රටවල් සමඟ සාකච්ඡා කර රටට උදව් ලබා ගැනීමට කටයුතු කරන බවද ප්‍රේමදාස මහතා කියාසිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අදහස් දක්වා සිටියේ ආපදාවෙන් විපතට පත් දොම්පේ ප්‍රදේශයේ මහා පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළ අවස්ථාවේදීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top