/ Dec 30, 2025

ගංගා සාමාන්‍ය තත්ත්වයට.ගංවතුර අවධානමක් නැහැ – වරිමාර්ගයෙන් දැනුම් දීමක්

අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති හෙයින් ගංවතුර ඇඟවීම් ඉවත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව, 1. මහඔය ද්‍රෝණිය

  1. දැදුරු ඔය
  2. මහවැලි ගඟ
  3. මහවැලි ගඟ :බදුලු ඔය උප ද්‍රෝණිය*
  4. කළු ගඟ
  5. කළු ගඟ:කුඩා ගඟ උප ද්‍රෝණිය*
  6. ගං ගඟ
  7. කැළණි ගඟ
  8. නිල්වලා ගඟ
  9. මැණික් ගඟ
  10. කුඹුක්කන් ඔය
  11. ගල් ඔය
  12. හැඩ ඔය
  13. මුන්දෙනි ආරු
  14. මාදුරු ඔය
  15. යාන් ඔය
  16. මා ඔය
  17. කලා ඔය
  18. මල්වතු ඔය
  19. මී ඔය
  20. අත්තනගලු ඔය යන ගංගා ද්‍රෝණි වෙත නිකුත් කර තිබුණු ගංවතුර අවදානම් නිවේදනය ඉවත් කර තිබේ.

කෙසේවෙතත් දිවයින් පුරා සිදුවන වර්ෂාවේ වෙනස්වීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන අතර ඒ අනුව ගංගාවල ජල මට්ටම් වෙනස් වීම කෙරෙහි අවධානය යොමුකරමින් ගංවතුර තත්ත්වයක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීම් සඳහා කටයුතු යොදා තිබෙන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top