/ Dec 30, 2025

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරිමේ ප්‍රයත්නයට සහාය වීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මානුෂිය ප්‍රමුඛතා සැලැස්ම එළිදැක්වීම සිදුකර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධිකාරක මාර්ක් ඇන්ඩ්‍රේ මහතා පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව අංශ 7ක් ආවරණය වන පරිදි ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ඇති බවයි.

ඒ වෙනුවෙන් ඉදිරි මාස 4ක කාලය තුළ ඇමෙරිකා ඩොලර් මිලියන 35ක් රැස්කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් උත්සහ කරන බව ඔහු ප්‍රකාශ කරයි.

ආපදා අවස්ථාවක දී සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව තුළ පැවති එකමුතුබව විශිෂ්ට බවත් එවැනි තත්ත්වයක් තම රට තුළවත් දැකගත නොහැකි බවද ඔහු පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top