අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව විසින් ලබා දෙන වන්දි මුදල් සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් තිබෙන අතර එය මෙතෙක් ඉතිහාසයේ ලැබුණු ඉහළම වන්දි මුදල බවට පළවන ප්‍රතිචාරයන් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර් අබේවර්ධන ඊයේ (12) මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.
ඔහු පවසා තිබුණේ එය මුදල් දැක නොමැති අයට එය මැජික් එකක් ලෙස පෙනෙන බවයි. එවැනි පුද්ගලයින්ට අනුකම්පා කළ යුතු බවයි ඔහු පවසා තිබුනේ.
”මම දකිනවා මාධ්‍ය හරහා ප්‍රකාශ කරනවා ඉතිහාසයේ කිසිම දවසක මේ වගේ මුදල දීලා නෑ කියල. මට පේනවා නිකන් මැජික් එකක් වගේ කියනවා. මම හිතන්නේ මුදල් දැකල නැති කණ්ඩායම් වලට මුදල් දැක්කම මේ වගේ අදහසක් මතුවෙන්න පුළුවන්. ඒ ගැන අනුකම්පා කළ යුතුයි. මට මතකයි 2003 මහ ගංවතුර. මට මතකයි 2016 මහ ගංවතුර. මේ වගේම තමයි උඩු ගුවනින් යනකොට අපි දැක්කේ වහලවල් පෙන්නේ නැති ජලාශ. මට මතකයි ඒ අවස්ථාවේ විශේෂයෙන් කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොර, කෑගල්ල ඇතුළු ලංකාවේ දිස්ත්‍රික්ක 17කට හානි සිදුවෙනවා. තේ කම්හල් තිබෙන ප්‍රදේශ මට මතකයි. මේ තේ කම්හල්වලට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ඒ අවස්ථාවේ ලක්ෂ 100, ලක්ෂ 200, ලක්ෂ 300 ලබා දුන්නා. නැවත නොගෙවන තෑගී මුදල්. ඒවා දුන්නේ තේ කම්හල් නැවත යථාතත්ත්වයට පත් කිරීමට.” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා පැවසීය.





