ආපදා තත්ත්වයෙන් පසු මාර්ග පද්ධතිය යළි ගොඩනැගීමේ ක්‍රියාවලියේදී රජය විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
ජන සහභාගීත්වය සහිතව සිදුවන මෙම ව්‍යාපෘතියට මහමඟ ගමන් ගන්නා විට දකින්නට ලැබෙන අවිධිමත්, කැඩී ගිය මාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ හැකියාව පවතියි.
ඇප් එකක් හරහා ක්‍රියාත්මක එම තොරතුරු ලබා ගැනීමේ පද්ධතියට මාර්ගවල ජායාරූප එක්කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය අනුවත් කිරීමේ හැකියාව ලබා දී තිබේ.
මීට පෙර මෙවැනි ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොවුණු අතර ආපදා තත්ත්වයෙන් පසු එය නිර්මාණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක සිය මුහුණු පොත හරහා පැහැදිලි කිරීමක් කර තිබුණි.
දැනගෙන කතරගම යන්න https://road-lk.org
ලංකාවේ පාරවල් වල තත්ත්වය ගැන ගමනක් යන්න කලින් දැනගන්න ක්‍රමයක් හරියට අපිට තිබුනේ නැහැ. අපි පාවිච්චි කරන Navigation App වුණත් පාරක් යන්න බැරි තරමට කැඩිලා තියෙන එක,පාරක් වහල තියෙන එක, අනතුරක් වෙලා තියෙන එක, පාරක් අලුත්වැඩියාව වෙනුවෙන් වහන්න යනවා කියන එක වගේ දේවල් Navigation App වලට Update කරන ක්‍රමයක් ලංකාවේ නැහැ.
ලෝකෙ ගොඩක් රටවල් වලත් නැහැ. දියුණු රටවල් ගණනාවක තිබුණත් සමහර දියුණු රටවල්වලත් ඒ විදිහටම අප්ඩේට් වෙන්නේ නැහැ. ඒ නිසා ගමනේ බගයක් ගියාම තමයි දැනගන්නේ එක්කෝ පාර වහලා කියල, නැත්තං වෙන ප්‍රශ්නයක් කියල.
අර්බුද කියන්නේ පිමිවගේ විසඳුම්වලට අවස්ථාවක්.
ආපදාවෙන් විශාල වශයෙන් පාරවල් කැඩිලා වහලා තිබුන නිසා, තවමත් එහෙම තිබෙන නිසා, ඒකත් එක්ක තමයි මාර්ග සංවර්ධන අධිකාරියත් ප්‍රවාහන අමාත්‍යාංශ Digital Task Force එකත් මේ වැඩේ කළේ. මේක අපිට සාමාන්‍ය තත්ත්වයෙදිත් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක්.
කරන්න තියෙන්නේ මොකක්ද?
මේක සම්පූර්ණයෙන්ම වගේ මහජන සහභාගීත්වය මත ගොඩනැගෙන දත්ත පද්ධතියක්.
අපි පාරේ යනකොට පාරක් වහල තිබුනොත්, කැඩිලා තිබුණොත්, අනතුරක් වෙලා තිබුණොත් අපිට තියෙන්නේ ,ඒක ඉතාම සරල විදිහකට මේ වෙබ් එක හරහා report කරන්න.
මේක තමයි අපිට ඕපන් කරගන්න තියෙන වෙබ් එක. මේකේ උඩම තියෙනවා Report කරන්න පුළුවන් තැන.
https://road-lk.org/report
අපිට සිංහල දෙමළ ඉංග්‍රීසි ඕන භාෂාවකින් Report කරන්න පුළුවන්. ෆොටෝ තුන හතරකුත් දාන්න පුලුවන්නම් තව හොඳයි.
ජනතාව විදිහට අපිට තියෙන්නේ මේ වැඩේ. අපි Report කරාම මාර්ග සංවර්ධන අධිකාරියෙ නිලධාරීන් ඒක හරියටම හොයලා බලලා එයාලා තමයි ලංකාවේ මාර්ග සිතියමේ මේ ගැටලුව තියෙන ස්ථානය සලකුණු කරන්නේ. අපි පළාත් මාර්ග සංවර්ධන අධිකාරි වලටත් ඒ බලය දීලා තියෙන්නේ.
ජනතාව විදියට මේක වාර්තා කිරීම තමයි ඉතාමත්ම වැදගත් මූලාශ්‍රය. අපිට ජනතාව මිලියන 22ක් ඉන්නවා.
තව ඉස්සරහට යද්දී මේ සලකුණු කිරීමේ බලය අපිට පොලිසියේ රථවාහන නිලධාරීන්ටත් ලබා දෙන්න පුළුවන්.
ප්‍රාදේශීය ලේකම්ලටත් ලබා දෙන්න පුළුවන්. තවත් ඉදිරියට ගියාම මේකට අපි ග්‍රාමීය මාර්ගත් එකතු කරන්න හිතාගෙන ඉන්නවා. ඒක තීරණය වෙන්නේ ජාතික මහා මාර්ග පද්ධතිය සහ පළාත් මාර්ග පද්ධතියේ මෙ වැඩසටහන හොඳට කෙරුනට පස්සේ. මේක හරියට කෙරුණොත් ගමේ ඉන්න ආණ්ඩුවේ නිලධාරීන්ට පවා මේ බලය දෙන්න පුළුවන්.(තමන්ගේ බල ප්‍රදේශයේ පාරක ගැටලුවක් පිළිබඳව කෙලින්ම මාර්ගයේ අඩුපාඩුව සලකුණු කිරීමේ බලය).
සති කිහිපයක් යනකම් මේක අපි කරන්නේ නියමු ව්‍යාපෘතියක් විදියට. ඊට පස්සේ ස්ථිර එකක් විදියට කරනවා
ඒ නිසා අපි හැම කෙනාම ජාතික හා පළාත් මාර්ගවල ගැටලු රිපෝට් කරන්න පුළුවන් මේ වැඩේට අත ගහමු.
අනික මේ වැඩේ Full Socialist!
හැම කෙනාම හැම කෙනාම වෙනුවෙන්!






Timely addressed Good work