/ Dec 17, 2025

ධම්මික රණතුංගට ඇප.අර්ජුනත් අත්අඩංගුවට ගන්නවා – කොමිසම අධිකරණයට දන්වයි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

2017-2018 වර්ෂ සඳහා ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව වෙත ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගුකාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කර ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමට සිදු වීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.

මේ අතර මෙම සිද්ධිය සැකකරුවකු වශයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top