/ Dec 17, 2025

දුෂණ චෝදනාවට රිමාන්ඩ් වුණු සී.බී. ට ඇප!

මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනගාර ගතව සිටි හිටපු අමාත්‍ය සී.බී.රත්නායක ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (16) නියෝග කළේය.

සැකකරු ලක්ෂ 20 බැගින් වු ශරීර ඇප 2ක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද නියෝග කරන ලදී.

ක්‍රීඩා අමාත්‍යංශය, පුද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය සහ පශු සම්පත් අමාත්‍යංශය යන අමාත්‍යංශයන්ගේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කරන ලද සමයේ රුපියල් ලක්ෂ 573ට අධික මුදලක් අයථා ලෙස ඉපයු බවට අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ ඔහුට චෝදනා ගොණු කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top