/ Dec 17, 2025

හදිසි ආධාර ලෙස ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 120ක්!

හදිසි ආධාර වශයෙන් ඩොලර් මිලියන 120 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා දීමට ලෝක බැංක-ුව තීරණය කර තිබේ.

රජය විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ලෝක බැංකුව මෙම මුදල ලබා දීමට තීරණය කර ඇත.

සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල සෞඛ්‍ය සේවා, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය ඇත-ුළු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සදහා සහාය වීම මෙම මුදල ලබා දීමේ අපේක්ෂාවයි.

මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකික ජනතාව පෙන්නුම් කළ ඔරොත්තු දීමේ හැකියාව සහ ජීවිත බේරා ගැනීමට සහ රට නැවත යතා තත්ත්වයට පත් කිරීමටත් රජය කඩිනමින් කටයුතු කළ ආකාරය අගය කරන බව ද ලෝක බැංකුව පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top