ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට යෝජනා කරයි.
අප රටේ නිවැරදි නිශ්චිත කාර්යක්ෂම ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය ද අද සුනාමියකට හසුව ඇති බවත් ඔහු සදහන් කරයි.
රට තුළ ඒකාබද්ධ ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කර එය මධ්‍යගතව ද ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ග්‍රාම සේවා වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බවත් මෙය වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත විය යුතු බවත් හෙතෙම කියාසිටියි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණැගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව බල ප්‍රදේශයේ නායයෑමට ලක් වූ ගම්මාන නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ඒ අනුව ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූ බිම් මට්ටමේ ආපදා කළමනාකරණ නිලධාරී පද්ධතියක් ක්‍රියාත්මක විය යුතු බවත් මේ ඛේදවාචකයන් තුළින් පාඩම් ඉගෙන ගෙන ගිලන් වී ඇති රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු බවත් ප්‍රේමදාස මහතා කියා සිටියි.
අසාර්ථක ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් නිසා මහා විනාශයකට ලක් වූ ජනතාවට නිශ්චිත ස්ථිර සහන ලබා දීම සිදු කළ යුතු අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ විපතට පත් ජනතාව වෙනුවෙන් විපක්ෂය පෙනී සිටින බව ද ඔහු පවසයි.
මේ විනාශය නිසා ඩොලර් බිලියන ගණනාවක හානියක් සිදුව ඇති මුත් සිදු වු හානියට සරිලන ආධාර උපකාර නොලැබුණු නිසා කඩිනමින් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්විය යුතු බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් යෝජනා කළ බැවින් පමා නොකළ මේ ආධාරක සමුළුවක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ද සහයෝගය ලබා දෙන බවත් ඔහු තවදුරටත් සදහන් කරයි.





