හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරවම අනුමත විය.
මෙම පරිපුරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍යවරිය විසින් ඊයේ (18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අද (19) එම විවාදය පැවැත්විණි.





