/ Dec 29, 2025

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් හා බිරිඳට වසර 17ක සිර දඬුවමක්!

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳවන බුෂ්රා බිබි නීති විරෝධී ලෙස රාජ්‍ය තෑගි ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට තහවුරු කිරීමෙන් අනතුරුව ඔවුන්ට රාවල්පින්ඩි නගරයේ අදියාලා බන්ධනාගාරයේ විනිසුරුවරයා විසින් වසර 17ක සිර දඬුවම නියම කර තිබේ.

මෙම නඩුව සෞදි අරාබි රජයෙන් ලැබුණු ආභරණ ඇතුළු විවිධ තෑගි වෙළඳපල වටිනාකමට වඩා බෙහෙවින් අඩු මිලකට විකිණීම සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා පවත්වා තිබුණි.

ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ්, සමාජ මාධ්‍ය ඔස්සේ ලියා ඇත්තේ මෙම නඩු කටයුතු ව්‍යාජයක් බවත්, එම තීන්දුව ඉතිහාසයේ කළු පරිච්ඡේදයක් ලෙස හෙළා දකින බවත්ය.

73 හැවිරිදි ඉම්රාන් ඛාන්, 2018 සිට 2022 අප්‍රේල් දක්වා පාකිස්තාන අගමැති ධුරය හෙබවූ අතර විශ්වාසභංග යෝජනාවකින් ඔහුව ඉවත් කිරීමත් සමඟ දූෂණ සහ රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම යන විවිධ චෝදනා මත ඔහු 2023 අගෝස්තු මාසයේ සිට සිරගතව සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top