දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ දැවැන්ත විනාශයෙන් පසු මෙරට යළි ගොඩනැගීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ලබා දීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.
එයට අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත් බවයි දිවයිනට පමණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පැවසුවේ.
අද (23) පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා මේ බව සඳහන් කළේය.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් ඊයේ (22) පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට පැමිණි අතර මෙරට රැඳී සිටින කාලය තුළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමාත්‍යවරිය, විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම දෙමළ පක්ෂවල නායකයින්ද හමුවීමට නියමිතයි.





