/ Dec 29, 2025

තෝරාගත් ව්‍යාපෘති 09කට මූල්‍ය ප්‍රතිපාදන!

පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්තිය ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබෙන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ මහතා පවසයි.

නව විද්‍යාත්මක ව්‍යාපෘති 9ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීමට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය හෙවත් NIRDC යටතේ තෝරාගත් ව්‍යාපෘති 9ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීමට අදාළ සහතික ප්‍රදානය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජානාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුකෙරුණි.

වසරේ පළමු මාස 3 තුළ ඉදිරිපත් කළ යෝජනා අතරින් මෙම ව්‍යාපෘති 9 තෝරාගෙන ඇති අතර එය විවිධ විෂයන්ට අයත් පර්යේෂණ ව්‍යාපෘති වන අතර
රුපියල් මිලියන 277කට වැඩි මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා අතින් අදාළ ව්‍යාපෘති ලාභීන් වෙත සහතික ප්‍රදානය ද මෙහිදී සිදුකෙරුණි.

ලංකා බැංකුව මගින් එම මූල්‍ය පහසුකම ලබාදීම නියමිත අතර ඊට අදාළ ගිවිසුමට ද මෙහිදී අත්සන් තැබීය.

සුනිල් හදුන්නෙත්ති, අනිල් ජයන්ත ප්‍රනාන්දු, වසන්ත සමරසිංහ යන අමාත්‍යවරුන් ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top