රාජ්‍ය මුදල් අවභාවිතය කිරීම සම්බන්ධයෙන් පූර්වාදර්ශ නඩු තීන්දු ඇති බවත් වර්තමානයේ කටයුතු කරන ලෙසින් කටයුතු කරන්නේ නම්, ජනපති අනුර කුමාර දිසානායකට පමණක් නොව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාටද ඉදිරියේදි සිරගත වීමට සිදුවනු ඇති බව ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ෆේස්බුක් සටහනකින් පවසා ඇත. මන්ත්‍රී-ඇමැති කාර්යමණ්ඩල පත් කිරීම ගැන ඔහු මෙසේ අදහස් දක්වා තිබේ.
ඔහු ජනපතිවරයාගේ සහ ජවිපෙ ප්‍රධානීන්ගේ මිතුරෙකු බව නිතර කියා සිටින අතර ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා ද පසුගිය දා සිය ලන්ඩන් සංචාරයේදී උවිඳු මුණ ගැසුණු බව වාර්තා විය.
සටහන පහතින්,
“පැලවතුකරණය ගැන තව දුරටත්: වන්ද්‍රිකා එක්ක ඡන්දය ඉල්ලලා දිනපු 41 තියා ගන්නත් බැරිවුන උන්ට 159ය කොහොමටවත් තියා ගන්න බැහැ.මන්ත්‍රීල හැම දේම වමරනව. මන්ත්‍රී කෙනෙකුට රජයේ සල්ලිවලින් ස්ටාෆ් එක විදියට පස් දෙනෙකු දෙනවනෙ. මන්ත්‍රී කෙනෙකුට තමන්ට කැමති දෙන්නෙක් ගන්න කියලා ඉතුරු තුන්දෙනාව ජේවීපී එකේ උන්ව දාල. උන් කරන්නෙ මොන වැඩද කියලවත් මන්ත්‍රී දන්නෙ නැහැ. අනුරට විතරක් නෙමෙයි ටිල්ලිං අය්යටත් හිරේ යන්න වෙනව. මේ ළඟදි නඩු තීන්ඳුවක් දුන්න නේද රජයේ මුදලින් පුද්ගලයින්ව දේශපාලනයට යොදා ගැනීම ගැන. ඒක තව දියුණු කරල නඩු තීන්ඳුවක් ලැබෙයි කවුරු හරි උසාවි ගියාම!
මම මේව කියලම දීල තියෙන්නෙ ගිය අවුරුද්දෙම වැඩේ වැරදියි කියල! ළගදිත් මතක් කළා ඒ ගැන”





