වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ G0711 වන Urumqi-Yuli අධිවේගී මාර්ගය පසුගිය (26) වැනිදා විවෘත කර තිබේ.
එම අධිවේගී මාර්ගය කිලෝමීටර් 324.7 ක දුරකින් යුක්ත වන අතර එය ද්වි-මාර්ග මංතීරු හතරේ අධිවේගී මාර්ග ප්‍රමිතියට අනුව ඉදි කර තිබීම විශේෂත්වයකි.
Urumqi-Yuli අධිවේගී මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ ගුවන් පාලම් 12ක්, උමග 17ක් සහ පාලම් හා බෝක්කු සිය ගණනක් පිහිටා ඇති බව සඳහන්.
එහි ඇති, ‘Tianshan-Shengli’ උමග ව්‍යාපෘතිය ලොව දිගම අධිවේගී මාර්ග උමග සහ ලොව ගැඹුරුම අධිවේගී මාර්ග පතුල යන ලෝක වාර්තා දෙකක් ද පිහිටුවා තිබේ.
එම අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු Urumqi සිට Korla දක්වා ධාවන කාලය පැය 7 සිට පැය 3.5 දක්වා අඩු වන බව දැක්වෙයි.





