/ Jan 10, 2026

”මේ ආණ්ඩුව වැටෙන්නේ නෑ” – චම්පික මොකාටද මේ එන්න හදන්නේ?

වත්මන් ආණ්ඩුව ඉදිරියට යා යුතු වන අතර ආණ්ඩුව වැටෙයි කියා තමන් නොසිතන බව හිටපු අමාත්‍යවරයෙක් වන පාඨලී චම්පික රණවක පවසයි.

රටේ සංවර්ධන ක්‍රියාවලියට ඔවුන්ටද මැදිහත්වීමට අවස්ථාව දිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

”මේ ආණ්ඩුව වැටෙයි කියල කියන්නෙත් නෑ වට්ටන්න ඕනේ කියල කියන්නෙත් නෑ. මේ ආණ්ඩුව යා යුතුයි. අවස්ථාව දිය යුතුයි. මොකද මේ ආණ්ඩුවේ ඉන්න පිරිස්වලටත් මේ රට ගොඩනගන ක්‍රියාවලිය පිළිබඳ අවස්ථාව දිය යුතුයි. හැබැයි පරිස්සම් විය යුතුයි. ඒක තමයි මේ අය එක්තරා ආකාරයක කල්ට් එකක්. මේක මේ කම්කරු පන්ති පක්ෂයක්වත් නෙවෙයි මේක කල්ට් එකක්. අනෙක් දේශපාලන පක්ෂ වගේ නෙවෙයි. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් මොකක්වත් තියෙන කට්ටියක් නෙවෙයි. අන්න ඒක ගැන අපි ප්‍රවේසම් විය යුතුයි. අනික් පැත්තෙන් මුකුත් වෙනසක් වෙලා නැහැනේ. මහින්ද රාජපක්ෂගේ කාලේ හිටපු ජාවාරම්කාරයෝ, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලේ හිටපු ජාවාරම්කාරයෝ, රනිල් වික්‍රමසිංහගේ කාලේ හිටපු ජාවාරම්කාරයෝ එහෙම්මම මේ ආණ්ඩුවේත් ඉන්නවනේ. එක ජාවාරම්කාරයෙකුට එරෙහිව නඩු පවරලා තියෙනවා නම් මට කියන්න.” යනුවෙන් හිටපු අමාත්‍යවරයා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top