/ Jan 10, 2026

නව විෂය නිර්දේශයේ ලිංගික වෙබ් අඩවිවල ලින්ක් දාලා : එල්ල වෙන විවේචන තහවුරු කිරීමක් ද?

ලිංගික දිශානතීන් සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් ඇතැයි පසුගිය කාලයේ චෝදනා එල්ල වූ අතර එවැනි චෝදනාවලට සරු පසක් නිර්මාණය වෙන සිදුවීමක් වාර්තා වී තිබේ. එනම් හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය ඉගෙනුම් කට්ටලයක අඩංගු වූ යොමුවක් (Link) හරහා සම ලිංගික සහකරුවන් සොයා දෙන අන්තර්ජාල අඩවියක් වෙත යොමු කර ඇති තිබීමයි.

අදාළ වෙබ් අඩවිය නිරීක්ෂණය කිරීමේදී එය සමලිංගික සබඳතා සඳහා පුද්ගලයින් සම්බන්ධ කර දෙන වේදිකාවක් බව තහවුරු වී තිබේ. මෙම සිදුවීමත් සමඟ අදාළ ඉගෙනුම් ද්‍රව්‍ය පාසල් වෙත ලබා දීම නතර කිරීමට රජය වහාම පියවර ගෙන ඇති අතර, මෙම බරපතළ වරද සිදු වූ ආකාරය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ද මේ වන විට ආරම්භ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසන්නේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කළ, මේ වන විට මුද්‍රණය අවසන් කර ඇති, 6 ශ්‍රේණිය ඉංග්‍රිසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳ ව සොයා බැලූ අතර එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම සිදුවිම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට අපේක්ෂා කරන බව සඳහන් වෙතත් මෙය සරලව ගිණිය නොහැකි එකකි. මුද්‍රණය දක්වා මෙම සබැඳිය සහිතව පොත පැමිණීමට පෙර කිසිවෙකුගේ පරීක්ෂාවට මෙය හසු නොවිණි ද? එසේ නැතිනම් මෙයට කිසියම් කුමන්ත්‍රණයක් හේතු වූවාද? යන්න පමණක් නොව මේ සිදුවීමේ සියලු විස්තර ජනතාව වෙත හෙළිදරව් කිරීම රජයේ යුතුකමකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top