පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරපත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඔහු අද (31) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
සතොස යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් අවභාවිත කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාය.





