ඩෙන්මාර්කය සිය රාජ්‍ය තැපැල් ලිපි බෙදාහැරීමේ සේවාව අවසන් කර තිබේ.
ඩිජිටල් සන්නිවේදනය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ සාම්ප්‍රදායික තැපැල් ලිපි සඳහා ඇති ඉල්ලුම පහත වැටීම ඊට ආසන්නතම හේතුව බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
1624 වසරේදී ආරම්භ වූ මෙම සේවාව වසර 401ක කාලයක් පුරාවට ක්‍රියාත්මක කර තිබේ.
2000 වසරට සාපේක්ෂව 2024 වසර වන විට තැපැල් ලිපි බෙදාහැරීම 90%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇති බවත් ලිපි බෙදාහැරීම තවදුරටත් ලාභදායී නොවන බැවින් මෙම සේවාව පවත්වාගෙන යාම අත්හිටුවීමට එරට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඉවත් කළ තැපැල් පෙට්ටි පුණ්‍යාධාර සඳහා විකිණීමට තබා ඇති අතර බොහෝ ඩෙන්මාර්ක වැසියන් රුපියල් ලක්ෂයකට අධික මුදලක් (ඩෙන්මාර්ක ක්‍රෝනර් 1,500 – 2,000) ගෙවා ඒවා සමරු සිහිවටන ලෙස ඒවා මිලදී ගනිමින් සිටින බවද සඳහන්.
ඩෙන්මාර්කය ලොව වැඩිම ඩිජිටල්කරණයට ලක්වූ රටක් වන අතර බැංකු කටයුතු, සෞඛ්‍ය වාර්තා සහ රාජ්‍ය ලේඛන සියල්ලක්ම පාහේ දැන් හුවමාරු වන්නේ අන්තර්ජාලය හරහාය.





