නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද (10) පෙ.ව. 11.30 පමණ වනවිට මුලතිව් සිට කිලෝමීටර 20ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
එය අද සවස් කාලයේ මුලතිව් ආසන්නයේ වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති අතර එය හෙට දින වන විට අඩු පීඩන ප්‍රදේශයක් දක්වා දුර්වල වීමට හැකියාව පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව උතුරු පළාතේ පැ.කි.මී. 50-60 දක්වා වන ඉතා තද සුළං සමඟ පැ.කි.මි. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි අතර පුත්තලම, මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40-50 දක්වා වන තද සුළං ඇති විය හැකියි.
මේ අතර දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
තවද උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.





