/ Jan 11, 2026

සුළි කුණාටුවක් වර්ධනය වේද? අද කාලගුණ අනාවැකිය!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2026 ජනවාරි මස 11 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පැවතින අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතී. මේ හේතුවෙන් මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතී.

උතුරු , උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top