/ Jan 23, 2026

බීට්ටු වන නිලධාරියෙක් අල්ලස් දැලේ!

රුපියල් 30,000ක මුදලක් සහ මත්ද්‍රව්‍ය බෝතලයක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හුලංනුගේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ පුද්ගලයාගේ නමට වෙන් වෙන් වශයෙන් ඇති අක්කර 04ක ඉඩමෙන් නෙළු වැවයාය නම් රක්ෂිතයට වෙන් කර ඇති කොටසේ වගා කටයුතු සිදු කිරීමේ වරද සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීම සඳහා එම නිලධාරියා එලෙස අල්ලස් ලබා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top