/ Jan 23, 2026

ඉරානයේ දහස් ගණනින් මරණ බිය. විරෝධතාවලින් මිය ගිය ගණන 2000 ඉක්මවයි.

ඉරානයේ විරෝධතා හමුවේ මිය ගිය ගණන 2000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මර්දනය කිරීමෙන් පසු දහස් ගණනක් මිය යනු ඇතැයි බිය පළ වී තිබෙන අතර මරණ සහ තුවාලකරුවන්ගෙන් රෝහල් පීරී ඇති බවද දැක්වෙයි.

වැඩි වශයෙන් ප්‍රහායන්ට ලක්ව ඇත්තේ තරුණයින් බව වාර්තා වෙයි.

මිය ගිය අය අතර ආරක්ෂක නිලධාරීන්ද වෙයි.

පවතින තත්ත්වය අනුව ඉදිරි දිනවලදී විරෝධතාකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මකව පවතින බව විරෝධතකරුවන්ම පවසා තිබේ.

මේ අතර ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල්වලට ඇමරිකාව විසින් 25%ක අතිරේක තීරු බද්දක් පැනවීමටද ඇමරිකානු ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

කෙසේවෙතත් ඉරානය තුළ සිදුවන දේ නිවැරදිව දැන ගැනීම වෙනුවෙන් බාධා එල්ල වී තිබෙන අතර පසුගිය සතියේ සිට එරට අන්තර්ජාල සේවා විසන්ධි කර තිබීම ඊට ප්‍රධානම හේතුව වී තිබේ.

ඒ අනුව ඉරාන වැසියන්ටද තම ඥාතීන් හිතවතුන් පිළිබඳ නිශ්චිත තොරතුරු දැනගැනීමේ අවකාශය ඇහිරී ඇති බවයි වාර්තා වන්නේ.

ඉරාන මුදල් ඒකකයේ බිඳවැටීම සහ ආර්ථික අවපාලනය පිළිබඳ කලකිරීම ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නීත්‍යානුකූලභාවය පිළිබඳ අර්බුදයක් දක්වා ව්‍යාප්ත වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top