/ Jan 23, 2026

‘ඇමරිකන් බද්ද අඩු කළේ අපි’ : මිහින්තලේ හිමි බදු අඩු කළ ක්‍රමය හෙළිදරව් කරයි!

මිහින්තලේ රාජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පසුගිය අඟහරුවාදා (13) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී වැදගත් කරුණක් අනාවරණය කරනු ලැබීය. ඒ ඇමරිකාව විසින් මෙරටට පැනවූ තීරු බදු ප්‍රමාණය අඩු කරගන්නා ලද්දේ තමන් වහන්සේ මැදිහත්වී බවයි.

කෙසේ වෙතත් උන්වහන්සේ අඩු කරන ලද බදු ප්‍රමාණය 30% බව දැක්වූවද එය 20%ක් ලෙස අඩු කරනු ලැබීය.

ධම්මරතන හිමියන් කරුණු අනාවරණය කරමින් මෙසේ පැවසීය.

‘ට්‍රම්ප් ජනාධිපතිතුමාත් අපිට හම්බ වෙන ක්රමයක් තියෙනවා. සකර්බර්ග් මහත්තය හම්බ වෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔය සීයට කීයක් තිබ්බේ අමෙරිකාවේ ගැහුවෙ මේ බද්දක් දැන් කිව්ව විදිහට කොහෙද අඩු ගානේ ඒක අඩු කෙරේ. කවුරුවත් නෙවෙයි අපි දන්න දරුවෙක්. මගෙනුත් ඇහුවා. ඒ ළමයා එංගලන්ත ඉගෙනගන්නේ කේම්බ්රිජ්වල ඇමෙරිකාවෙ ට්‍රම්ප් මහත්තයාගේ දරුවෙක් හා මුණුබුරෙක් ඒ දරුවත් එක්ක ඉගෙන ගන්නවා. ඒ හරහා තමයි මේ සීයට 30  ආවේ එංගලන්තේ ඉන්න ළමයාගේ හරහා කතා කරලා තමයි වටේ ගිහිල්ල කතා කරල ගත්තේ. මෙව්වා අපි කිව්වේ නෑ දැන් කියනවා. “

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top