නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත අතර පසුගිය දිනවල ඊට විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම සිදුවිය.
ඊයේ දිනය වන විට රජයේ තීරණයක් අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළව 6 ශ්‍රේණියේ මොඩියුල නැවත සමාලෝචනයකට ලක්කර එය 2027 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කෙසේවෙතත් 1 ශ්‍රේණියට අදාළ ප්‍රතිසංස්කරණ මෙම වසරේ සිටම ක්‍රියාත්මක කරන බවට රජය ප්‍රකාශ කර ඇත.
විශේෂයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව විපක්ෂයේ විරෝධය දැඩි වූයේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සඳහන්ව තිබුණු වෙබ් අඩවියකට නමක් පාදක කරගෙනය.
ඒ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර විමර්ශනයක් ආරම්භ කළ අතර ජාතික අධ්‍යාපන ආයතන විසින්ද අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය.
එම විමර්ශන වාර්තා පදනම් කරගෙන ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද මේ වන විට රජය ප්‍රකාශ කර තිබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යවරිය එම ධූරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඇරඹි සත්‍යග්‍රහය දින 2ක් තුළ අවසන් කර ඇත.
ඒ, 6 ශ්‍රේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 2027 දක්වා කල් දැමීමට රජය ගත් තීන්දුවත් සමඟය.
කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට රජයද එකඟතාව පළකර තිබේ.
ඒ ගැන කරුණු දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ උක්ත විශ්වාසභංග යෝජනාව එළඹෙන 22 සහ 23 යන දිනයන්හිදී විවාදයට ගැනීමට අපේක්ෂා කරන බවයි.
තවත් දින අවශ්‍ය නම් දින ලබා දීමට හැකිබවද අමාත්‍යවරයා පවසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සිදුව ඇති කරුණු සහ ඉදිරියේදී සිදුවීමට නියමිත දේ පිළිබඳව විශාල ප්‍රමාණයක කරුණු පැහැදිලි කරගැනීමට මෙම විශ්වාසභංග විවාදය අවස්ථාවක් වනු ඇති බවත් එහෙයින් විපක්ෂය විසින් කඩිනමින් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
පසුගිය දිනවල මෙම අධ්‍යාපන සම්බන්ධ කාරණය මුල්කරගනිමින් විෂය පරාසයෙන් ඔබ්බට යමින් අගමැතිවරිය ඉලක්ක කරගත් අපහාසාත්මක ප්‍රචරයන්ද සිදුවිය.
කෙසේවෙතත් ආණ්ඩුව විසින් අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වෙනසක් හෝ ප්‍රතිසංස්කරණ හකුළා ගැනිමක සිදුකර නොමැත. එහෙත් 6 ශ්‍රේණිය ඉලක්ක කරගෙන ගෙන ගිය ප්‍රතිසංසකරණ විරෝධය සමනය කර ගැනීමට මෙන්ම එය නැවත සමාලෝචනය කරගැනීමට ආණ්ඩුව කාලයක් ගෙන තිබේ.
ආණ්ඩුවේ එම තීරණයත් සමඟ විපක්ෂ විරෝධය හීන වෙමින් පවතින අතර සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය විසින් අගමැතිවරියට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ගැන තිබුණු උනන්දුවේ බැස්මක්ද දැන් දැන් මතුව ඇති ආකාරය දක්න්වට ලැබෙයි.
ඒ අනුව අගමැති ආචාර්ය හරිනි අමරසුරියට එරෙහි විශ්වාසභංග යෝජනාව හකුළා ගැනීමේ අවකාශයක්ද පවතියි.




