/ Jan 23, 2026

Breaking: විමල් වීරවංශට වරෙන්තු!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් එහි විත්තිකරු වන හිටපු මන්ත්‍රීවරයාට එරෙස වරෙන්තු නිකුත් කර ඇත.

විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කරන ලදී.

1 thought on “Breaking: විමල් වීරවංශට වරෙන්තු!”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top