තායිලන්තයේ ධාවනය වෙමින් තිබුණු දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 22කු මරණයට පත්ව ඇතැයි එරට වාර්තා පෙන්වා දෙයි.
දොඹකරය කඩා වැටීම හේතුවෙන් දුම්රිය පීලි පැන පෙරළී ගොස් තිබේ.
මගීන් 195ක් රැගෙන අදාළ දුම්රිය බැංකොක් සිට ඊසානදිග තායිලන්තයේ පළාතකට ගමන් කරමින් සිට ඇත.
මෙම අනතුරින් අවම වශයෙන් තවත් 80කට තුවාල සිදුව ඇති බවද සඳහන්. තුවාල ලබා සිටින ලාබාලතමයා වසරක බිලිඳෙක් බවද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවද දැක්වෙයි.





