/ Jan 23, 2026

දිට්වා අවතැන්වූවන්ට නැගිටින්න රජයේ ආයතනවල සහය මදි : එක්සත් ජාතීන් කියයි

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානියෙන් යළි නැගිටීම සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාදීම ප්‍රමාද වීම සහ රජයේ ආයතන අතර දුර්වල සම්බන්ධීකරණය එලෙස යළි නැගිටීම සඳහා ගන්නා උත්සාහයන් ප්‍රමාද කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන  නිකුත් කළ ඇස්තමේන්තු වාර්තාවේ දැක්වේ.

ලබාගත් දත්තයන්ට අනුව ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟයක් තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් සිටින්නේද සීමා සහිතව බවත් වාර්තා වන බව එම වැඩසටහන ප්‍රකාශ කර ඇත.

එසේම යළි ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගැනීමේදීද ඇතැම් පුද්ගලයන්ට සීමාවන්ට මුහුණ දීමට සිදුවී තිබෙන බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top