ගංජා තොගයක් සමඟ පොලිසියට අසු වූ මන්ත්‍රීවරයෙක් නිදහස් කිරීමට එවක ජනපති මහින්ද රාජපක්ෂ කටයුතු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ ය. ඔහු එසේ ප්‍රකාශ කරනු ලැබුවේ ප්‍රකට යූටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමිනි.
හිටපු ජනපතිවරයා එසේ ගත් තීරණය නිසාවෙන් සමස්ත මන්ත්‍රීවරුන්ගේ ම ගෞරවය රැකුණු බව පවසන හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ වත්මන් පාලකයන්ට සිදුව ඇත්තේ බිම සිටි කොල්ලන් රජවූ පසු සිදුවන දෙයක් බවයි. රජුන් රජුන්ගේ තැන සිටිය යුතු බව ද ඔහු කියා සිටියේ ය.
අප්‍රේල් මාසයේ දී දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවෙන බවත්, ආණ්ඩුවට පිටතින් සහ ඇතුළතින් ඛණ්ඩනයන් සිදුවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.




