/ Jan 16, 2026

ඩුබායිහි සැඟව සිටි අපරාධ කල්ලි සාමජිකයින් දෙදෙනක් සහ කාන්තාවක් දිවයිනට රැගෙන එයි!

ඩුබායි හි සැඟවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සඳහා අවශ්‍යව කාන්තාවක, විශේෂ පොලිස් කණ්ඩායමක්ක් විසින් අත්අඩංගුවට ගෙන අද(16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.

ඔවුන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ අතර පිරිමි පුද්ගලයින් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, කප්පම් ගැනීම , මංකොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සඳහා චෝදනා ලැබූවන්ය.

මෙම සැකකරුවන් තිදෙනා අතර 52 හැවිරිදි රවීන් චමින්ද වීරසිංහ නොහොත් පුංචා නැමති ඇල්පිටිය , ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සිටින බව සඳහන්.

අනෙක් පුද්ගලයා කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර නොහොත් චූටි මල්ලී නැමැත්තා වන අතර ඔහු කඳාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසු වන්නෙකි.

මීට අමතරව මුදල් වංචා කිරීමක් සම්බන්ධ පොලිස් විමර්ශන සහා අත්‍යාවශ්‍යව සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි හේවා කසකාරගේ රුජා නිශාමනී ද සිල්වා ද නමැති කාන්තාව ද අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම සැකකරුවන් තිදෙනාව අද (16) උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන කාර්යාලය වෙත රැගෙන විත් ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top