කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබුණු අතර ඉන් 44 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී අවුරුදු 3ක් සහ 4ක ගැහැණු දරුවෙකු සහ පිරිමි දරුවෙකුට තුවාල සිදු විය.
කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ ජින්තුපිටිය 125 වත්ත නම් කොටසේදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් එම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණි.
මෙහිදී වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.
තුවාල ලද කුඩා පිරිමි දරුවා සහ ගැහැණු දරුවා ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබේ.
දරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල දැනුම් දී ඇත්තේ. .
එම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කරයි.





