හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වලගේ බිරිඳ වෛද්‍ය ඉන්ද්‍රාණි රන්වල අද (17) අලුයම රිය අනතුරකට ලක්වූ අතර ඇයගේ වාහනයේ හැපුණු අනෙක් මෝටර් රථයේ රියදුරු බීමතින් සිට ඇති බව අනාවරණය වී තිබේ.
වෛද්‍යවරිය සිය රථය නිවස වෙත හරවනු පිණිස නවතාගෙන සිටියදී මෝටර් රථයක් පැමිණ ගැටී ඇති අතර එය පදවා ඇත්තේ 30 හැවිරිදි අයෙකි. ඔහු සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මන්ත්‍රී බිරිඳ තුවාල හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.




