සිය පාසලේ සිසුන්ගේ දිවා ආහාර වියදම් මුදල් වංචා කර එම මුදලින් සිය සැමියාට උපන් දින සාදයක් පැවැත්වූ විදුහල්පතිනියකට එල්ල වූ චෝදනා ඔප්පු වී ඇතැයි වාර්තා වේ.
මෙම සිදුවීම වාර්තා වන්නේ මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලකිනි.
සිය පාසලේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසුන්ට රජයෙන් ලබාදෙන දිවා ආහරය ලබානොදි එම මුදල් වංචා කොට පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 05 වැනි දිනට යෙදි තිබු තම සැමියාගේ උපන් දිනයට වැය කොට තිබු බවට විදුහල්පතිවරියට චෝදනා එල්ලවි තිබුණි.
මෙම දින පාසලෙන් ආහාර ලබා නොදෙන බවත් නිවසෙන් ආහාර රැගෙන ආයුතු බවත් සඳහන් කර එදිනට සිසුන්ට ආහාර ලබා දුන් බවට ව්‍යාජ ලියවිලි සකස් කර පාසලේ ආහාර සැපයුම්කරු ලවා සාදයට අවශ්‍ය ආහාරපාන ලබා ගැනීමට විදුහල්පතිනිය කටයුතු කර ඇත.
පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීන් සහ දෙමව්පියන් අධ්‍යාපන බලධාරින් වෙත කළ ලිඛිත පැමිණිල්ලකින් පසු විමර්ශන සිදුවිය.
මෙම චෝදනා සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන කාලයේදී චෝදනාවට ලක්ව සිටි විදුහල්පතිනිය අධ්‍යාපන පරිපාලන විභාගයෙන් සමත්ව පරිපාලන නිලධාරිනියක් ලෙසට පත්විමට සුදුසුකම් ලබා සිටිය ද විෂමාචාර ක්‍රියාවක නිරතවිමේ හේතුවෙන් එම පත්විම අත්හිටුවිමට පියවර ගෙන ඇති බවත් උතුරු මැද ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ පැවසීය.




