/ Jan 23, 2026

හා නම් එහෙමයි. බෑ නම් මෙහෙමයි – ට්‍රම්ප්ගේ බදු සූත්‍රය!

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන සියලුම රටවල් වෙනුවෙන් නව බදු පනවන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, ජනාධිපති ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධව කටයුතු කරන ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා එළඹෙන පෙබරවාරි 1 වන දින සිට 10% ක තීරුබදු අදාළ වන අතර පසුව එය 25% දක්වා ඉහළ යා හැකි බව එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මෙම නව බදු සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ තර්ජනය සම්පූර්ණයෙන්ම වැරදි බව එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාමා ප්‍රකාශ කර ඇති අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එය පිළිගත නොහැකි බව සඳහන් කර තිබේ.

කෙසේ නමුත්, ජනාධිපති ට්‍රම්ප් රුසියාව හෝ චීනයට පෙර තමා ග්‍රීන්ලන්තය අත්පත් කරගත යුතු බවත්, ඇමරිකානු ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය එක්සත් ජනපදය සතු විය යුතු බව අවධාරණය කරන අතර එය හොඳින් හෝ නරකින් තමන් කරන බවට ද ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top