දිවයින පුරා රජයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව පාසල් පළමු වාරයේ පළමු අදියර සඳහා හෙට සිට පෙබරවාරි මස 13 වැනි දින දක්වා පැවැත්වෙන අතර පෙබරවාරි මස 14 වැනි දින සිට මාර්තු මස 2 වැනි දින දක්වා සිසුන්ට නිවාඩු හිමි වේ.
මේ අතර පළමු වාරයේ දෙවන අදියර මාර්තු මස 3 වැනි දින සිට අප්‍රේල් මස 10 වැනි දින දක්වා පැවැත්වේ.




