පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීම නිසා සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බැවින් වහාම ඒ් සඳහා මැදිහත් වන්නැයි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුත්ව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
මෙම ඉල්ලීම් දෙකම කර ඇත්තේ පෞද්ගලික ලිපි මාර්ගයෙනි.
නීවාහි මානව හිමිකම් කවුන්සිලයට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයටද මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ පවසයි.
එසේ ම ආණ්ඩුවේ තීරණයට එරෙහිව හිටපු මන්ත්‍රීවරු 20 දෙනෙකු පමණ ශ්‍රේෂ්ඨාධිකරණයට විරෝධතා ගොනු කිරීමට තීරණය කර ඇති බවද හෙතෙම පවසයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමට පසුගිය 7 වැනිදා සිට දින 14 ක කාලයක් ලැබී ඇත.




