ජනවාරි 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වය වෙනස් වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී හිම පතනයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ අනාවැකි පළකර තිබේ.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල සහ ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.




