පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කිසිදු මන්ත්‍රීවරයකුට සිය පාර්ලිමේන්තු කතාවක් තුළ තවත් මන්ත්‍රීවරුන්ට අපහාසාත්මක ලෙස කතා කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.
එහෙත් සභානායකවරයාගේ කතාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය සමත් නැති බව පැවසූ බවත් එය අපහාසයක් බවත් විපක්ෂ නායකයා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය සමත් නැති බවට චෝදනා කළත් ආණ්ඩුව 6 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අසභ්‍යකරණය ඇතුළත් කර ඇති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.




