/ Jan 23, 2026

මම වැරදි නම් නීතිය හරහාම එන්න – එල්ල වෙන විරෝධයන්ට නීතිපතිගෙන් ප්‍රතිචාර!

නීතිපති පාරින්ද රණසිංහ තමන් වෙත එල්ල වෙමින් තිබෙන විරෝධතාවලට නීතිඥවරු පිරිසක් ඉදිරියේ යම් ප්‍රතිචාරයක් දක්වා තිබේ.

එහිදී ඔහු පවසන්නේ තමා නීතිය අභිබවා ගිය පුද්ගලයෙක් නොවන වග නීතිය දන්නා පුද්ගලයින් ලෙස නීතිඥවරුන් දන්නා බවත්, තමා වැරැද්දක් කර ඇත්නම් අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තමාගේ තීරණ අභියෝගයට ලක් කරන ලෙසයි.

නීතිපති පාරින්ද රණසිංහගේ ක්‍රියාකලාපයට එරෙහිව ඊයේ (21) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී මහජන විරෝධයක් සංවිධානය කර තිබුණි. නීතිපතිවරයා උක්ත ප්‍රතිචාරය දක්වන්නේ එම විරෝධතාවෙන් පසුවය.

“මම වරදක් කරනවා නම්, ශ්‍රේෂ්ඨාධිකරණය තියෙනවා, අභියාචනාධිකරණය තියෙනවා. කරුණාකරලා ඒ තැන්වලට ගිහින් අභියෝග කරන්න. අධිකරණ හරහා එන තීරණයකට එකඟවෙන්න මම සූදානම්” යනුවෙන් නීතිපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top