/ Jan 23, 2026

මිහින්තලේ වනචාරියගෙන් පසු ලාල්කාන්තගෙන් තවත් දුස්රාවක්!

සතුරාට පහර දෙන විට ඒවා නීත්‍යානුකූල ෂොට් ද, ෆවුල් ෂොට් ද, යන්න ලෙනින්ට අනුවම අදාළ නොවන බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (21) “ලෙනින් කියවමු” කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

පාර්ලිමේන්තුවේ 159ක සහ විධායක බලයත් සහිත ආණ්ඩුවක් ලෙස එම බලය කාලතුවක්කුවක් ලෙස දැක්වුවහොත් කැට පෝලයෙන් විදිය යුතු තැන්වලට කාලතුවක්කු පවිච්චි නොකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

”දේශපාලන වශයෙන් අපිට විවිධ ප්‍රහාර එල්ල කරන අය ඉන්නවනේ. ඒක පැතිරිච්ච එකක්. සමහර වෙලාවට අපි ගොඩක් නිහඬව ඉන්නවා. අපේ හිතවත්තු සහෝදර සහෝදරියන් අපිට කියනවා ඔයගොල්ලන්ට 159කුත් තියෙනවා. මේ දවස්වල මේ කියන ඒවා. ඔයාලට විධායක ජනාධිපතිකමත් තියෙනවා. මොකක්ද මේ කරන්නේ කියල. ඒ කියන්නේ බලය අපි දීලා තියෙනවා ඔයගොල්ලෝ බලය පාවිච්චි කරන්නේ නෑ. එහෙම විවිධ සමාජ ස්ථරවල අය විවිධ මතවාද ඉදිරිපත් කරනවා. ඒක කමක් නෑ. හැබැයි අපි ඉඳලා හිටලා අර බෲස් ලීගෙ වගේ ෂොට් එකක් දෙනවා කුඩුවෙලා යන්න. දුන්නම කියනවා මේ …. මුණට ගහන්න එපා. ඒක ෆවුල් ෂොට් එකක්. අහවල් තැනට ගහන්න එපා. එහෙම කියනවා. ඒක තවදුරටත් කිව්වොත් මම කළු කෝට්කාරයෙක් හොඳේ ගහන්න එන්න එපා. මං ජාතික ඇඳුම ඇඳලා ඉන්නේ ඒ හින්දා ගහන්න බෑ. මං සිවුර ඇඳලා ඉන්නේ ඒ හින්දා ගහන්න බෑ. එහෙනම් අපිට ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ දේශපාලනය අක්රන්න එනවා නම් එක්කෝ ඒවා පැත්තකින් තියල එන්න. හැබැයි අපි දෙන්න ඕන විවේචනය මොකක් ඇඳගෙන හිටියත්, ජාතික ඇඳුම ඇඳගෙන හිටියත් අපි ගහනවා. එතකොට කියන්න එපා ෆවුල් ෂොට ගහනවා කියල. ප්‍රතිගාමී බලවේගවලට අපි කියනවා අපිත් එක්ක සටනට එනවා නම් ෆවුල් ෂොට් ගහනවා කියල කෑගහන්න එපා. මොකද සතුරාට ගහනකොට ඒවා නීත්‍යානුකූල ෂොට්ද, ෆවුල් ෂොට්ද කියන එක ලෙනින්ට අනුවම අදාළ නෑ” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

1 thought on “මිහින්තලේ වනචාරියගෙන් පසු ලාල්කාන්තගෙන් තවත් දුස්රාවක්!”

  1. ලෙනින් කියපුවා අපේරටට අදාලනැහැ. මේක ලෙනින්ගෙ රට නොවෙයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top