/ Jan 23, 2026

හෙට සිට දිවයින පුර රෝහල්වල වෛද්‍ය වැඩවර්ජනයක්!

හෙට (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවයි එම සංගමය පවසනේ. .

මෙම වැඩ වර්ජනය මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල ක්‍රියාත්මක නොවන බවද එම සංගමය සඳහන් කරයි.

මේ අතර අක්කරෙපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කරන ලෙසද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වූ අතර එම ඉල්ලීම ඉටුවීම හේතුවෙන් අද දින එම වර්ජනය අවසන් කිරීමටද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top