/ Jan 24, 2026

රේගුව රජ ගමනේ. ජනවාරි අදායම් ඉලක්කය 22 වන විට සම්පූර්ණ කරයි!

රේගුව විසින් ජනවාරි මාසයේ ඉලක්කගත ආදායම පසුගිය 22 වනවිට ඉපයීමට සමත්ව තිබේ.

ඒ අනුව ජනවාරි මාසය සදහා වූ රුපියල් බිලියන 160.2 ක ආදායම් ඉලක්කය අභිබවා යමින්, ජනවාරි 22 වන දා වන විට, රුපියල් බිලියන 175.4 ක ආදායමක් රේගුව උපාය ඇත.

දෙසැම්බර් මාසයේ දී බහාලුම් නිශ්කාශනය වේගවත් කිරීමට රේගුව පියවර ගෙන තිබුණු අතර, ආදායම් ඉලක්ක අභිබවා යාමට හැකිව තිබෙන්නේ ඒ හේතුව මත බව සඳහන්.

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම් ඉපයීම ගෙවුණු 2025 වසරේදී වාර්තා කර තිබුණි. ඒරුපියල් බිලියන 2,551 ක් ලෙසය.

2026 වසරේ දී රුපියල් බිලියන දෙදහස් දෙසීයක ආදායමක් ඉපැයීමට රේගුව අපේක්ෂා කරන අතර 2025 වසරට සාපේක්ෂව 2026 වසරේ ආදායම් ඉලක්ක අඩු වී තිබේ.

ඊට හේතුව වාහන ආනයනයෙන් පසුගිය වසර මෙන් දැවැන්ත ආදායමක් නොලැබෙනු ඇති බවට වන පුරෝකථනයයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top