/ Jan 24, 2026

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර වසර 16යි. යුක්තිය පතා සන්ධ්‍යා අදත් මෝදර කාලි කෝවිලට! (PHOTOS)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක් සම්පූර්ණ වී ඇති මේ මොහොතේ එම අතුරුදහන් කිරීමට එරෙහිව යුක්තිය අපේක්ෂාවෙන් ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ අද (24) දිනයේදීත් මෝදර කාලි කෝවිලට ගොස් අධිෂ්ඨාන පූජාවක් පැවැත්විය.

”2026 දණ්ඩ මුක්තිය නසා, යුක්තිය දිනන වසර කරගමු.” යන මැයෙන් එය පැවැත්වූ අතර ප්‍රගීත් එක්නැළිගොඩට අතුරුදහන් කරවීමට අදාළ නඩුව මේ වසරේදී අවසන් කර ඔහුට යුක්තිය ඉටුකරගැනීම ඇයගේ අපේක්ෂාවයි.

මීට වසර 16කට පෙර අතුරුදහන් වූ සිය සැමියා වෙනුවෙන් එදා පටන් සන්ධ්‍යා එක්නැළිගොඩ ඔහුව සොයා ගැනීමේ සිට මේ එන විට ඔහුට යුක්තිය ඉටුකරගැනීම දක්වාම විශාල පරිශ්‍රමයක් දරන ලදී.

ජාතික වශයෙන් පමණක් නොව ඇය ජාත්‍යන්තරවද සිය හඬ නැගීම සිදුකළාය.

මේ අතර ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන් එළඹෙන 27 වැනිදා පෙ.ව.10.30-ප.ව.6.30දක්වා නිහඩ අධිෂ්ඨාන පුජාවක්ද පැවත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top