බෙන්තොට මුහුදු තීරයේ දිය නෑමට ගිය වයස 49ක විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
රුසියානු ජාතික කතක් වන මියගිය කාන්තාව තවත් විදෙස් ජාතිකයින් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.





