/ Jan 26, 2026

මගීන් 350ක් සමඟ ගිලිණු පිලිපීන යාත්‍රාවේ 15 ක් මරුට තවත් 28ක් අතුරුදහන්!

පිලිපීනයේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 350 කට වැඩි පිරිසක් රැගත් යාත්‍රාවක් ගිලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අනතුරට පත් MV Trisha Kerstin 3 නෞකාවේ සිටි පුද්ගලයින් 316 දෙනෙකු සෝදිසි කණ්ඩායම් විසින් බේරාගෙන ඇති නමුත් තවත් පුද්ගලයින් 28 දෙනෙකු අතුරුදහන්වන ඇති බව සඳහන්.

භාණ්ඩ හා මගී ප්‍රවාහන නෞකාව, එය රටේ දකුණු ප්‍රධාන භූමිය වන මින්ඩනාඕ සිට තවත් නිරිත දෙසින් ජෝලෝ දූපතට යමින් සිට ඇත.

යාත්‍රාව ගිලී යාමට හේතුව පිළිබඳ විමර්ශන සිදුකරන බවට බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර දූපත් 7,100 කින් යුත් දූපත් සමූහයක් වන පිලිපීනයට අන්තර් දූපත් තොටුපළවල් සම්බන්ධ සමුද්‍රීය ව්‍යසන පිළිබඳ දිගු ඉතිහාසයක් පවතියි.

සමහර දිවි ගලවා ගත් අයගේ වාර්තාවට අනුව, ඒ වන විට ප්‍රදේශයේ ජලය රළු වී තිබී ඇත.

මෙවැනි අනතුරුවලට ප්‍රධාන හේතුව වී ඇති දුර්වල නඩත්තුව සහ අධික බර පැටවීම වී ඇති නමුත් අඩු පිරිවැය හේතුවෙන් බොහෝ පිලිපීන ජාතිකයින් තවමත් යාත්‍රා වලින් සිය කටයුතු සිදුකර ගැනීමට පෙළඹෙන බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top